ස්ටැඩන් වත්තේ සාමාජිකයන් 54 ක් ආරක්ෂිත ස්ථානවලට



 
රංජිත් රාජපක්ෂ   
                     

හැටන් පොලිස් වසමට අයත් ස්ටැඩන් වතු යායේ තේ වත්තේ කොටසක් නායයාමේ භූ ලක්ෂණ මතු වු නිසා එම වතු යායේ පදිංචි පවුල් 23 ක සාමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව හැටන් පොලිසිය කියයි.


මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් ගතවු දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයට බල පෑ වැසි සහිත කාලගුණයත් සමඟ තේ වත්තේ කොටසක් ගිලා බැසිමට ලක් වී ඇති බව වතු පාලන අධිකාරිය පවසයි.


එම නායයාමේ අවදානම පවතින ස්ථානයට පහළින් වතු නිවාසවල පදිංචිකරුවන් මෙසේ  ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.


එම පවුල්වල සාමාජිකයන්  හැටන් ෆෘට්හිල් දමිල මහ විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ යටිතල පහසුකම් ගිනිගත්හේන ප්‍රාදේශීය කාර්යයාල මගින් ලබා දී තිබේ.


නායයාමේ අවදානමට ලක් වී ඇති ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත්වීමට නියමිතය.