සහෝදරයන් දෙදෙනෙක් ඇසිඩ් ගසාගෙන රෝහලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන්  දෙදෙනාට දෙදෙනා ඇසිඩ් ගසා ගැනීමෙන් බරපතල තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.

හොරණ කහටපිටියේ පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම සිදුවීම සිදු වී ඇති අතර තුවාල ලැබූ සහෝදරයන් දෙදෙනා වයස අවුරුදු 38 හා 36 වියේ පසුවන්නන් බව පොලිසිය කීය.

ආරවුල ඇති වීමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති බවත් බාල සහෝදරයා වැඩිමහල් සහෝදරයාගේ  නිවසට ගොස් පළමුවෙන් ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.