(තරංග ගුණරත්න )
වැලිගම කොලේදණ්ඩ පෙදෙසේ ජනතාවට සහනාධාර මුදල් නොලබුණු බවට එම පෙදෙසේ පුද්ගලයකු විසින් විද්‍යුත් මාධ්‍යක් ඔස්සේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වරයාට චෝදනා කිරීම සම්බන්ධයෙන් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරුන් විශාල පිරිසක් කොලේදණ්ඩ පෙදෙසේදි (15 ) දින සාමකාමීව විරෝධතාවය දැක්වුහ.
රජය විසින් ලබාදෙනු ලබන රුපියල් පන්දහස මුදල වැලිගම වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට නොලබුණු බවට කොලේදණ්ඩ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වරයාට යමි පුද්ගලයකු විසින් තර්ජනය කරමින් ඊයේ( 14) දින රාත්‍රි රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් එයට විරෝධය දක්වමින් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරීවරු විශාල පිරිසක් එක්ව සිටියහ.
පසුව එම අවස්ථාව සදහා වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් පි සූරියාරච්චි මහත්මිය පැමිණ අදාළ ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබාදීමට පියවර ගන්නා බවට පැවසීය .
අනතුරුව චෝදනා කල පුද්ගලයා සමග අදහස් හුවමාරු කරගන්නා ලදි , ඇදිරි නිතිය අවස්ථාවේ අයුතු ලෙස ජනතාව එකතු කිරීම , අදාළ ග්‍රාම නිලධාරීවරයාට තර්ජනය කිරිම , නිරෝධන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී ,
පසුව ප්‍රාදේශීය ලේකම්වරිය සහ ග්‍රාම නිලධාරීවරුන් එම ස්ථානයෙන් බැහැර වෙන අවස්ථාවේ එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති නීශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් පැමිණ රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පියවර ගන්නා ලදී .