සහන කාලයේදී පානදුර පොදු වෙළෙඳපොළේ වෙළඳාම තහනම්


 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරෝධායන ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා සහන කාලයක් ලබාදුන්නද පානදුර දකුණ පොලිස් වසමට අයත් පොදු වෙළෙඳපොළ  හා ඒ අවට ව්‍යාපාර කටයුතු සඳහා අවසර නොදීමට තීරණය කළ  බව උසස් රාජ්‍ය නිලධාරීයෙක් පැවැසීය.  

ඉකුත් දින කිහිපය තුළ පී සී ආර් පරීක්ෂණවලට භාජනය කර වාර්තා පැමිණෙන තෙක් නිවෙස්වල ස්වයං නිරෝධායනය  යෙදෙන ලෙස මාළු වෙළඳාමේ නිරත  ව්‍යාපාරිකයන්ට සෞඛ්‍ය අංශ මගින්  උපදෙස්  ලබාදී තිබුණි.

නමුත්  එම  උපදෙස් නොතකා සමහර  මාළු  ව්‍යාපාරිකයන්  හා ඔවුන්ගේ ආශ්‍රිතයන්  වෙනත් ව්‍යාපාර  සිදුකරන බවට ලද තොරතුරක් අනුව මෙම පියවර ගත් බව එම නිලධාරියා කීය.