(සෙනරත් බණ්ඩාර)
කොළඹ දී අඟහරුවාදා පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීමට විරෝධය දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) ගලහ මංසන්දියේදී පැවැත්විණි.
සයිටම් උපාධි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී පැවති විරෝධතාවට කදුළු ගෑස් , ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කළ බවත් දැන් බැටන් ප්‍රහාර වෙනුවට යකඩ පොලුවලින් පහර දෙන බවත් විරෝධතාකරුවො කීහ.
එහිදී ස්වාමින් වහන්සේලාට සහ ශිෂ්‍යාවන්ටද යකඩ පොලුවලින් පහර දීම හෙලා දකින බවත් එයට විරෝධය දක්වන බවත් ඔවුහු පැවසූහ.