සමනල වැව රක්ෂිතයේ මැණික් ගැරූ ගුරුවරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට


(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

ඇඳිරි නීතිය  කාල සීමාවෙි  බලන්ගොඩ  සමනල වැව රක්ෂිතයේ  අනවසරයෙන් පතල් කපා මැණික් ගරමින් සිටි උපකාරක පංති පවත්වන  ගුරැවරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත් බව  බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතා සදහන් කළේය.

මෙි අතර  මොවුන්  පැමිණි ඇල්ටෝ වර්ගයේ  මෝටර් රථයක්  සහ මැණික් ගැරිම සදහා යොදාගත් උපකරණද පොලිස් බාරයට ගෙන ඇත.

මොවුන්  මිට දින තුනකට පෙර  සමනල වැව රක්ෂිතයට ඇතුළු වි ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙි.

අත්අඩංගුවට ගත් සැකකරැවන් දෙදෙනා සහ මෝටර් රථය ඇතුළු උපකරණ හෙට (30) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.