සමගි ජන බලවේගය මහනුවරට නම් දෙයි


(මොහොමඩ් ආසික්)

එළඹෙන මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අද (19) නාම යෝජනා බාර දෙනු ලැබීය.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ හිටපු  අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා සමඟ පැමිණි සමගි ජන බලවේගයේ නාම යෝජනා බාර දුන්නේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ඇතුළු තවත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක්ම අද දිනයේදී ද නාම යෝජනා බාර  දුන්හ.