සබරේ නේවාසිකාගාරවල ජල අර්බුදයට විසඳුම් ඉල්ලයි


(එම්.ගීතාකර)

සබරගමුව විශ්ව විද්‍යාලයේ  නේවාසිකාගාරවල ජලය නොමැති වීම නිසා එයට විසඳුම් ඉල්ලා සිසුන් උපකුලපති කාර්යාලයට පැමිණ මෙම ගැටලුවට වහාම මැදිහත් වන ඉල්ලා සිටියහ.

විශ්ව විද්‍යාලයේ කලක සිට පැවති ජල අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා සබරගමුව මහා ශිෂ්‍ය සංගමය ක්‍රියාවල නිරත වුවද තවමත් එම ගැටලුවට විසදුම් ලබා දීමට උපකුලපතිතුමා ඇතුළු පරිපාලනය අසමත් වී ඇති බව සිසුහු කියති.

විභාග කාලසීමාවක් පවතින බැවින් මෙවන් ගැටලු පිළිබදව පරිපාලනයේ ක්‍රියා කලාපය වීවේචනය කළ සිසුන් තම විභාග වලට ගියේ උපකුලපති කාර්යාලයේ ඇති ජල කරාම වලින් තම දෛනික කටයුතු කරගැනීමෙන් අනතුරුව බව පැවසේ.