(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාතේ කෝවිඩ්-19 වෛරසය ආසාදිතවුවන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමග සබරගමුව පළාත් සභාව මගින් සහ පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සති දෙකකට අත්හිටුවන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේය.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පිහිටි උත්සව ශාලාවලදී වෙනත් දිස්ත්‍රික්කවල විවාහ මංගල උත්සව ආදී උත්සව නොපවත්වන ලෙසට අද (14) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති හදිසි කෝවිඩ් 19 වසංග රෝග මර්ධන කමිටුවේදී පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා උපදෙස් දුන් බව පළාත් මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.