
(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාතේ ග්‍රාමීය මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය ඉතා පහළ මට්ටමක පවතින බව සබරගමු පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප්‍රියන්ත බටවල මහතා අද (10) පැවසීය.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ සබරගමු පළාත් මගී ප්‍රවාහන අධිකාරියේ පාලනය යටතේ බස්රථ දහස බැගින් දෙදහසක් පමණ ඇති බව ද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
රත්නපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් 245ක් ධාවනය වූ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ 90ක පමණ ධාවනය වූ බවද ඔහු කීවේය.
සබරගමු පළාත කේන්ද්‍රගත කරගෙන රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙන් දුරගමන් සේවා සහ අන්තර් පළාත් ගමන්වාර 300ක් පමණ ක්‍රියාත්මක වුවත් එම අන්තර් පළාත් ගමන් සේවා 15ක් පමණක් ක්‍රියාත්මක වූ බවද සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත බටවල මහතා පැවසීය.
කෝවිඞ් 19 වෛරස් ආසාදිතයන් පැතිරයාම සහ වැඩි පිරිසක් ස්වයං නිරෝධායනට ලක් කිරිම හේතුවෙන් සාමාන්‍ය ජනතාව ගමන්බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකිරීම බස් රථවලට මගින් අඩු විමට හේතුවක් බව ද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
ධාවනය වන බස් රථ ද සෞඛ්‍ය නීති අනුව මගීන් නංවාගෙන යනු ලබන බව කී දමිත් ප්‍රියන්ත බටවල මහතා ගාස්තුවල ගැටලුවක් නිසා නොව මගීන් ගමන්බිමන් නොයාම නිසා බස්රථ ධාවනයෙන් ඉවත්ව ඇති බවද සුදහන් කළේය.