සබරගමුවේ ආදයම්බලපත් නිකුත් කිරීම තවත් පමා වෙයි


(ලසන්ත නිරෝෂණ පෙරේරා )

පවතින කොව්ඩ්  වසංගත තත්වය හේතුවෙන් සබරගමු පළාත තුල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කල්තබන බව ප්‍රධන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසීය.

රත්නපුර පිහිටි සබරගමුව පළතේ   ප්‍රධාන කාර්යාලයන් සහ සබරගමුව පළතේ සියළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන්   මේ මස 30 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවද ලේකම්වරිය වැඩිදුරටත් කීවාය.

ඒ අනුව සබරගමු පළාත් ආදායම් බලපත්‍ර අංශය මෙලෙස වසා තබන දිනයන් සඳහා කිසිඳු දඬ මුදලක් අය නොකර ගන්නා බව එම මහත්මිය පැවසුවාය .