සනත් පතිරණ සම සමාජයෙන් කෑගල්ලට


ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභික එල් පී සනත් පතිරණ මහතා පක්ෂයේ කෑගල්ල ආසනයේ නව සංවිධායක ලෙස පත් කොට තිබේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයකු වන ඒ මහතා කැලණිය විශ්ව විද්‍යාලයයේ උපාධිධාරියෙකි.

ආසන සංවිධායක ධුරය පිරිනැමීමේ උත්සවය කෑගල්ල තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ පක්ෂ නායක විද්‍යාත්මක කටයුතු ඇමැති මාහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (31) පැවැත්වීමට නියමිතය.