සජබ ක්‍රියාකාරීහු සහන ඉල්ලා පා ගමනින් යති


 (එන් ආරච්චි)

ඉන්ධන මිල පහත හෙලීම,ගොවීන්ට වහාම පොහොර ලබාදීම හා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝොෂණයක්  කොටියාකුඹුර නගරයේ දී අද පැවැත්විනි.

කොටියාකුඹුර නගරයේ ඇති පාලම අසලින් ආරම්භ වූ උද්ඝෝෂණය කොටියාකුඹුර නගරයෙන් අවසන් කෙරුනි.

මේ සදහා සමගි ජන බලවේගයේ ගලිගමුව ආසන සංවිධායක සුරේෂ් සෝමදාස මහතා ඇතුළු එම පක්ෂයට සහයෝගය දක්වන ගලිගමුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු කිහි දෙනෙක් ද පක්ෂ ක්‍රියාකාරීහු ද සහභාගි වී සිටියහ.