සඟවා තිබූ පොහොර මිටි 169 ක් වාකරෙන් සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කෘෂිකර්ම අමාත්‍යාංශය  මගින්  ගොවීන්ට නොමිලේ    ලබා දෙනු ලබන කිලෝ ග්‍රෑම් 50 බැගින් අඩංගු පොහොර මිටි 169 ක් කදිරවේලි හා වාකරේ ප්‍රදේශ වල නිවෙස් දෙකක සඟවා ගෙන අලෙවි කිරීමට සූදානමින් සිටි සිටි පුද්ගලයන් සිව් දෙනෙක්   අද  (5) අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකා වාකරේ කඳවුර  කියයි 

පෙරේදා   4 වැනි දින රජයේ සහනාධාර යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම පොහොර වී වගාව සඳහා  ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු කර තිබිණි 

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වයස අවුරුදු 32 සහ 53 අතර පසුවන සැකකරුවන් සිව්දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා  වාකරේ පොලිසිය වෙත භාර දී ඇත 

පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ  ජයසුන්දර මහතාගේ උපදෙස් මත වාකරේ කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක බි උ යු එස් විජේසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකළහ