ශිෂ්‍යත්වයේ දී සිසුවියනට බාධා කළ නිරික්ෂකයන් ගැන පරික්ෂණයක්


අමදෝරු අමරජීව

 

කින්නියා  අධ්‍යාපන කලාපයට අයත් මොල්ලිපොතාන මධ්‍ය මහා විද්‍යාලයීය  විභාග ශාලාවේදී පහ වසර  ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියන් පිරිසකට විභාග අවස්ථාවේදී පිළිතුරු ලිවිමට බාධා කළැයි කියන විභාග නිරික්ෂකයන් පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

 

මොල්ලිපොතාන ෆාතිමා බාලිකා විද්‍යාලයේ  සිසුවියන් කිහිප දෙනෙකුට විභාග අවස්ථාවේ පිළිතුරු ලිවිමට බාධා කරමින් වරින් වර පිළිතුරු පත්‍ර  පරික්ෂා කිරිම , ඒ තුළින් විභාග මානසිකත්වය වෙනතකට හැරවිමට උත්සහ ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ෆාතිමා බාලිකා විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතිය කළ ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම පරික්ෂණය අරඹා තිබේ.

මේ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් වාර්තාවක්  ලබා ගැනීම සඳහා  එම විභාගයේ අධික්ෂණ කටයුතු කළ විභාග සම්බන්ධිකරණ නිලධාරිය පත්කළ බව පළෘත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි.මුතුබණ්ඩා මහතා පැවසීය.

අදාළ වාර්තාව ලැබුණු පසු එම වාර්තාවේ  අඩංගු කරුණු සැළකිල්ලට ගෙන  ඉදිරි පියවර ගන්නා බව ද පළාත් අධ්‍යාපන ලේකම්වරයා කීය.