(නිශාන්ත කුමාර)
කන්දකැටිය උල්පතගම ප්‍රධාන මාර්ගයේ, වෙලඔය හරහා පිහිටි මහ පාලම අද (20) මුළුමණින්ම ජලයෙන් යට වීමෙන් ගම්මාන රැසක පවුල් 200ක් පමණ පිරිසක් කන්දකැටිය නගරයට ඒමට නොහැකිව තම ගම්මානයවල කොටු වී සිටිති.
පාලම ජලයෙන් යටවීම හේතුවෙන් මේ වන විට මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇත.
වෙලඔයේ ජල මට්ටමට ආසන්නව පාලම ඉදිකරතිබීම නිසා සුළු වර්ෂාවකදී පවා මෙම පාලම ජලයෙන් යටවන බවත් එවැනි අවස්ථාවල විකල්ප මාර්ග භාවිත කරමින් අමතර දුරක් ගෙවාගෙන කන්දකැටිය නගරයට ඒමට තමුන්ට සිදුව ඇති බවත් ජනතාව පවසති.



