(දිලීප් ජයසේකර)
හම්බන්තොට ක්ෂණික පොලිස් විහිදුම් යතුරුපැදි ඒකකයේ නිළධාරීන් විසින් හක්ක පටස් යොදා සතුන් මැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු වීරවිල කරඹගහවැව ප්‍රදේශයේ දී අද (29) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වීරවිල 19 කොළණියේ පදිංචි 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
සැකකරු කාලාන්තරයක් තිස්සේ හක්කපටස් යොදාගෙන 19 කොළෙණීය ,කරඹගහවැව වැවට පැමිණෙන සතුන් මැරීමේ ජාවාරමක නිරතව සිට ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී හක්කපටස් 3 ක් පොලිස් බාරයට ගනු ලැබීය.

