(රෝවන් පෙරේරා)
පුත්තලම සාලියවැව පුලියන්කුලම වීරක්කොඩිචෝලෙයි රක්ෂිත ප්‍රදේශයේ ඉඩමක් එළිපෙහළි කරමින් සිටි පුද්ගලයකුට එරෙහිව අද (25) පුත්තලම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගත් බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.
වසර ගණනාවකින් වන සංරක්ෂණ නිලධාරීන් මෙම ප්‍රදේශයට නොපැමිණීම නිසා ගැටලුවකින් තොරව කැලෑ එළිපෙහළි කළ බව ඔහු වන සංරක්ෂණ නිලධාරීන්ට පවසා ඇත.
එම පුද්ගලයා එම රක්ෂිතයේ තිබූ බුරුත, කොහොඹ, පලු සහ හුළං කිරිල්ල වැනි ඉතා පැරණි ගස් විනාශ කර ගිනිතබා ඇතැයි වන සංරක්ෂණ නිලධාරීවරයා සඳහන් කළේය.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආඥා පනතට අණුව විසි වෙනි වගන්තිය ප්‍රකාරව එම රක්ෂිතය රජයේ කැලෑවකට අයිති ඉඩමක් බවත් ඇතුලු වීම ගස් කැපීම කැලෑ ගිනිතැබීම සපුරා තහනම් බවත් පුත්තලම දිසා වන නිලධාරී ඩී.එම්.පී.එම් බංඩාර මහතා පැවසීය.
කැලෑ එළිපෙහළි කර ගිනිතැබූ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට කරුණු වාර්තා කර නීතිය ක්‍රියාත්මක කරන බවත් කපා බිම හෙලා කුට්ටි කර ඇති දැව රාජ්‍ය දැව සංස්ථාවට ලබාදීමට කටයුතු කරන බවත් පුත්තලම දිසා වන නිලධාරීවරයා පැවසීය.