( නිශාන්ත කුමාර)
මහා පරිමාණයෙන් වී ගොවිතැන සිදුකෙරෙන මහියංගණ හා ඒ අවට ප්‍රදේශයන්හි ගොවි ජනතාවට ගොයම් පැළ සිටුවීම සදහා ‘බලවේග යන්ත්‍ර‘ හදුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට මහියංගන අන්තර් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන ඇතැයි මාපාකඩ වැව කෘෂීකර්ම උපදේශක එච් ඒ කේ එච් පතිරත්න මහතා පැවැසීය .
නව යන්ත්‍රය භාවිතයෙන් දිනකදී කුඹුරු අක්කර හතරක පමන ගොයම් පැළ සිටුවිය හැකි අතර මෙය වර්තමානයේ පවත්නා පුහුණ ශ්‍රමිකයින්ගේ හිගයට කදිම පිළීතුරක් බව කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය ක්‍රමය යටතේ වී වගා කිරීමේදී අවශ්‍යය වන වී ප්‍රමානයෙන් හරි අඩක් නව බල වේග යන්ත්‍ර මගින් ගොයම් පැළ සිටුවීමේදී ප්‍රමාණවත් වන බවද කෘෂිකර්ම නිලධාරීහු පවසති