විශේෂ කාර්ය බලකා කොස්තාපල්වරයෙක් ගංජා සමඟ අත්අඩංගුවට


(අශෝක තිලකරත්න)

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක සේවයේ නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ නේවාසිකාගාරය විශේෂ සෝදිසියකට ලක් කිරීමේදී ගමන් මල්ලේ සහ සපත්තුවේ කේරළ ගංජා ග්‍රෑම් 22ක් සඟවා ගෙන සිටි කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකායේ නිලධාරීයෙක් පැවැසීය.

අත්අඩංගුවට පත් සැකකාර කොස්තාපල්වරයා අඟුණකොළපෑලැස්ස පොලිසිය වෙත බාර දී ඇති අතර පොලිසිය විසින් ඔහු අද  (06) පෙරවරුවේ අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබුණි.

අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරියේ නියුතු විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක මඩපාත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගංජා සමඟ මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.