අනීෂා මානගේ
රුපියල් විසිහත්ලක්ෂයක් වටිනා ටිපර් රථයක් ලබාගෙන විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ පුද්ගලයින් දෙදෙනකු තංගල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ වීරකැටිය හා රුවන්වැල්ල පදිංචි 39 සහ 45 හැවිරිදි පුද්ගලයන්ය.
වීරකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් තම ටිපර් රථය සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඉතිරි ලීසිං වාරික ගෙවන බවට පොරොන්දු වී ටිපර් රථය රැගෙන ගියද ඔහු එම වාරික නොගෙවූ බවට ලීසිං ආයතනයෙන් දැනුම් දීමෙන් පසුව මේ සම්බන්ධයෙන් සහ ටිපර් රථය අස්ථානගත වී ඇති බවට වීරකැටිය පාලංකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පසුගිය ඔක්තෝබර් 28 වැනි දා තංගල්ල පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිල්ලක් සටහන් කර ඇත.