(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල හල්ගස්තැන්න කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක විසූ වියපත් කාන්තාවක අද(24) ඝාතනය කර ඇතැයි බුලත්සිංහල
පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ විලේගොඩ ලියනගේ ජසන්තා ගුණතිලක නමැති 76 හැවිරිදි එක් දරු මවකි.
එම ප්‍රදේශයේ කාන්තාවක රබර් කිරි කැපීමට යන අතරතුරදී පිහියක් රැගෙනයාමට එම නිවසට ගොස් ඇති අතර, එහිදී මළ සිරුර දැක පොලිසියට දැනුම් දී ඇත.
පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී ඝාතනයට ලක් වූ කාන්තාව කිසිවකු සමඟ පොරබදා ඇති බවට සලකුණු දැකිය හැකි වූ බවද, මළ සිරුරේ මුහුණ ඇඳ ඇතිරිල්ලකින් වසා තිබූ බවද පොලිසිය කියයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.