(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත් ජනතාව සහන සැළසීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (23) සවස අවතැන් වූ පිරිස් තාවකාලිකව ලැගුම්ගෙන සිටින කදුරුවෙල, සුදු නෙලූම්ගම සුරක්ෂිත මධ්‍යස්ථානය වෙත පැමිණියේය.
පීඩාවට පත් ජනතාවට අවශ්‍ය පහසුකම් හා සහන නොපමාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් , උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.




