සුමතිපාල දීයගහගේ
ගාල්ල ඓතිහාසික කොටුව නැරඹීමට පැමිණි විදේශිකයෙකුට අයත් මෝටර් රථයකට පහරදී රුපියල් තුන් ලක්ෂ අනු පන් දහසක අනර්ථයක් සිදු කිරිමට සම්බන්ධ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ නාවල අටවන පටු මගේ පදිංචි මෙම විදේශීය ජාතිකයා මෙරට සංචාරක කර්මාන්තයට සම්බන්ධවි සිටින පුද්ගලයෙකි. මොහු තම බිරිද සහ දරුවන් දෙදෙනා සමග ගාල්ල ඓතිහාසික කොටුව නැරඹීමට පැමිණ කොටුවේ ප්‍රදිපාගාරය අසල වාහනය නතර කිරිමට උත්සාහ කර ඇතත් එහි ඉඩ තිබි නොමැත.
ඊටපසු මෙම විදේශීකයා ප්‍රදීපාගාර මාවතේ සිට ලංකා බැකුව දෙසට මෝටර් රථය ධාවනය කරන විට පුද්ගලයකු ආරක්ෂිත හිස්වැසුමකින් මෝටර් රථයට පහරදි රුපියල් තුන් ලක්ෂ අනු පන් දහසක අනර්ථයක් සිදු කළ බවට විදේශීකයා පොලිසියට පැමිණිලිකර තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.