ජුඩ් සමන්ත
විදේශීකයින් දෙදෙනෙකු කල්පිටියේ සිට කටුනායක දක්වා රැගෙන යමින් තිබූ වෑන් රථයක් නාත්තන්ඩිය ප්‍රදේශයේ දී අනතුරට පත්ව ඇත.
මාදම්පේ - දංකොටුව මාර්ගයේ නාත්තන්ඩිය නගරයට ආසන්නයේ දී මෙම අනතුර සිදුවී තිබේ.
මාර්ගයෙන් ඉවතට පැන ඇති වෑන් රථය දුරකථන කණුවක්ද කඩා ගෙන ගොස් අනතුර සිදුවී ඇත.
අනතුරින් වෑන් රථයේ සිටි විදේශිකයින් දෙදෙනාට සහ රියදුරුට හානියක් සිදුවී නැත. නමුත් වෑන් රථයට බරපතල හානි සිදුවී ඇත.
මාරවිල පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.