විදෙස් රැකියා දෙන බව අඟවා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට


(පැතුම් දර්ශන)

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් කාන්තාවන් නවදෙනෙකුගෙන් ලක්ෂ 13කට අධික මුදලක් වංචා කළ කන්තාවක් හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රදේශයේදී  අද (11) අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මුදල් ලබාදුන් කාන්තාවන් පොලිසියට කළ  පැමිණිල්ලක් අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන පරංගියාවාඩිය ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි විවාහක කාන්තාවකි.

වියට්නාමයේ විවිධ රැකියා ලබා දෙන පවසමින් ඇය මෙම මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී තිබේ.

එක් කාන්තාවන්ගෙන් රුපියල් ලක්ෂකට ආසන්න මුදලක් ලබාගෙන ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම කාන්තාවගෙ සැමියා කටාර් රාජ්‍යයෙ රැකියාවක නිරතවන බවත්  එම සම්බන්ධතා පෙන්වාදෙමින් ඇය මුදල් වංචා  කර ඇති බවත් පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් කාන්තාව අද (11)කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.