විදෙස් මුදල් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට


(ජේ.කේ.එල් චාමින්ද)
 
විදේශීය සංචාරකයින්ගේ විදේශිය මුදල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල   කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ කොල්ලකරුවකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි.

මොහු ඉතා සුක්ෂම අයුරින් සංචාරක නිකේතන හා හොටල්වලට ඇතුල්වී  විදේශීකයින්ගේ දේපල හා මුදල් කොල්ල කා ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.   

විදේශීකයින් වැඩිපුර ලැගුම් ගන්නා අවන්හල් හා හෝටල්  පිළිබඳ තොරතුරු මොහු අන්තර්ජාලය හරහා ලබාගෙන විදේශීකයින්ගේ විදේශ මුදල් හා දේපල කොල්ල කා ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළි වී ඇත.

සැකකරු 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු වන අතර මොහු පොලිසියට කට්ට පනිමින් සිටියදී රත්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.