(ජේ.කේ.එල්.චාමින්ද)
දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අක්මීමන පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ විදුහල්පතිවරයා හපුගල මහාවිද්‍යාලයට මාරුකිරිමට විරෝධය පල කරමින් එම පාසලේ දෙමාපියන් හා ආදි සිසුන් පිරිසක් අද (6) ගාල්ල අකුරැස්ස මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුහ.
දේශපාලනය පාසලට එපා, රාසපුත්‍ර ජන හඬට සවන් දෙනු, රාසපුත්‍ර අධ්‍යාපනය වනසන්න එපා, අපේ විදුහල්පති නැවත ලබාදෙනු, ආදී වූ සටන් පාඨ උද්ඝෝෂකයෝ ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වුහ.