විදුලිසැර වැදී පුද්ගලයෙක් මරුට


 


 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 
                             
අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ නිවසක් පිටුපස කැණීමක් කරමින්  සිටි  පුද්ගලයෙකු අද (7) විදුලිසැර වැදී මියගොස් අඟුරුවාතොට  පොලිසිය කියයි .
                   
නිවෙස් හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 
         
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30  තිදරු පියෙකි 
                           
මියගිය පුද්ගලයා ව  නිවෙස් හිමිකරු මේ ස්ථානයට ගෙන්වාගෙන ඇත්තේ  ළිඳකට  සිලින්ඩරයක්  බස්සවා දෙන  ලෙස කරන ලද ඉල්ලීමක් අනුව බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත .
                         
එම පුද්ගලයා සමඟ සහයකයෙකු ද පැමිණ ඇති අතර  ඔවුන් දෙදෙනාගේ ගෙලට  සුදු ඇඳගෙන කොණ්ඩය වවාගත් කට්ටඩියෙක් යැයි කියාගන්නා පුද්ගලයෙකු විසින් කහපාට නූලක් ද දමා ඇතැයි  සහායකයා පොලිස් වල බව දුන් ප්‍රකාශයක සඳහන් වෙයි 
                   
එම ස්ථානයේ තිබී පූජාවට්ටියක් මෙන්ම  අඩි විස්සක් පමණ  ගැඹුරැති ස්ථානයේ තිබී බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත