(ජේ කේ එල් චාමින්ද)
විදුලි සැර වැදීමෙන් යක්කලමුල්ල ඇල්ල ඉහළ ප්‍රදේශයේ එක් දරු පියෙකු(28)අද මිය ගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ඇල්ල ඉහළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු පෙදරේරුවකු වන අතර අද උදෑසන ඇල්ල ප්‍රදේශයේ නිවසක වැඩ කිරීම සඳහා ගොස් ඇත.
එම නිවසේ කොන්ක්‍රීට් එකක් දැමීමට ගොස් තිබේ .එහිදී උපකරණයකට විදුලිය සපයා ගැනීමට යෑමේදී මොහුට විදුලි සැර වැදී ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .
මිය ගිය අයගෙන් හදිසි මරණ පරීක්ෂණය අද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි .මේ පිළිබඳ යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.