ඩබ් ඒ පියතිලක
හිඟුරක්ගොඩ 46 හැවිරිදි සිව්දරු මවක් අද(30) සිය නිවසේ වතුර මෝටරයට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැදීමෙන් මරුමුවට පත්වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ, 6 වෙනි පටු මග , පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිටි ජි.ඒ. නිරෝෂනි ප්‍රියංකා (46) යන අයයි.
හිගුරක්ගොඩ පොලිසිය විසින් කල විමර්ශන අනුව මියගිය අය විසින් මුළුතැන්ගෙයේ සිට ළිද අසල වතුර මෝටරයක් ක්‍රියාත්මක කරවීම සඳහා අනාරක්ෂිත විදුලි රැහැනක් එයට සම්බන්ධ කිරීමට යාමේදී විදුලිය සැරවැදී තිබෙන බව අනාවරණයවී තිබේ.
උතුරුමැද පළාත් ජේයෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොලොන්නරුව ප්‍රදේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි එම් ආර් එම් එන් කුමාරසිරි මහතාගේ මෙහෙයවිමෙන් හිගුරක්ගොඩ පොලිස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර මහතා ඇතුළු නිළධාරින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

