විදුලි සැර වැදී අලියෙක් මරුට


( ක.ග.කරුණාරත්න සහ නිමල් ජයරත්න)

ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයේ විසූ වන අලියකු මනම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි ගෙවත්තක ඇද තිබූ අනාරක්‍ෂිත විදුලි රැහැනක දැවටී විදුලි සැරවැදී අද (18) මිය ගොස් ඇතැයි වනජීවි නිලධාරීහු පවසති.

මිය ගිය අලියා අවුරුදු 25 ක් පමණ වයසැති පිරිමි සතෙකු බවත් රාත‍්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටියදී එම අනතුර සිදුව තිබේ.

වනඅලි ගම්වැදීම වැළැක්වීම සඳහා මෙම අනාරක්ෂිත විදුලි රැහැන ඇද තිබූ බව පොලීසිය සහ වනජීවී නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මිය ගිය අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතය.

ඡායාරූප - නිමල් ජයරත්න