( රංජිත් රාජපක්ෂ )
දික්ඔය මුලික රෝහලේ විදුලිය වරින් වර විසන්ධි විම නිසා දෛනික සිදු කරන ශල්‍යකර්ම කිහිපයක් අවලංගු කිරිමට සිදු වු බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තිලිණ විජේසිංහ මහතා පැවසිය.
පවතින අයහපත් කාලගුණයත් සමගම වරින් වර විදුලිය විසන්ධි විම නිසා රෝහලේ වටිනා උපකරණ වලට අලාභ හානි සිදු විමේ අවදානමක් පවතින නිසාත් වරින් වර විදුලිය විසන්ධි වන නිසා ශල්‍යකර්ම සිදු කිරිමට අපහසු නිසා එම ශල්‍යකර්ම අවලංගු කල බවයි අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
රෝහලේ එක් විදුලි ජනක යන්ත්‍රයක් ඇති බවත් එය සිමිත පැය ගණනකට පමණක් ක්‍රියාත්මක කිරිමට හැකි බවයි අධ්‍යක්ෂකවරයා කියා සිටින්නේ
හදිසි ශල්‍යකර්ම පමණක් එම විදුලි ජනක යන්ත්‍රය ආධාරයෙන් සිදු කරන බවත්, රෝහල් සංකිර්ණයට ලබාදෙන විදුලි බලය විසන්ධි නොවන ආකාරයට විදුලි රැහන් ඇද හෝ ඇද ඇති විදුලි රැහන් අවට ඇති බාධක ඉවත් කර විසන්ධි විමකින් කොරව විදුලි බලය ලබාදෙන ලෙස රෝහල් බලධාරීහු ඉල්ලති.