විදුලි වැටක ගැටී මිය ගිය අලියකුගේ සිරුරක් ගොවිපොළක


(ක.ග.කරුණාරත්න සහ ඩබ් ඒ පියතිලක)
 
වැලිකන්ද සිංහපුර මාර්ගයේ පිහිටි පෞද්ගලික ගොවිපළකට අයත් විදුලි වැටක දැවටී මිය ගිය වන අලියෙකුගේ සිරුරක් අද (01) අලූයම හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
 
අනතුරින් මියගොස් ඇත්තේ අඩි 08ක් පමණ උසැති වයස අවුරුදු 35ක් පමණ  අලියෙකු බව වනජීවී නිලධාරීහු පැවැසූහ.
 
සෝමාවතිය ජාතික වනෝද්‍යාණයේ විසූ මෙම අලියා රාත‍්‍රි කාලයේ ආහාර සොයා යමින් සිටියදී අනවසර විදුලි රැහැනක දැවැටී තිබෙන බව විමර්ශන වලදී අනාවරණයවී ඇත.
 
උදාවූ අලූත් අවුරුද්දේ වාර්තාවූ ප‍්‍රථම අලි මරණය මෙය බව වනජීවී නිලධාරීහු පැවැසූහ. වැලිකන්ද වනජිවි කාර්යාලය සහ වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

(ඡායාරූපය-ඩබ් ඒ පියතිලක)