විද්‍යුත් ක‍්‍රමයට ගංජා අලෙවි කළ දෙදෙනෙක් අත්අඩංගුවට


(ක.ග.කරුණාරත්න)

විද්‍යුත් ක‍්‍රමයට කේරළ ගංජා විකිණීමේ ජාරමක නිරතව සිටි පුද්ගලයෝ දෙදෙනෙකු මින්නේරිය ආයුර්වේද රෝහල අසලදී අද(21)අත් අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය කියයි.

එක් අයෙකු ලඟ ග‍්‍රෑම් 02 බැගින්  සැකකරුවන් දෙදෙනා සන්තකයේ කේරළ ගංජා ග‍්‍රෑම් 04ක් තිබූ බව  විමර්ශණ සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.

විද්‍යුත් ක‍්‍රමයට මුදල් බැර කල පසු ඒ සැනෙකින්ම ගැණුම්කරුවන්ට අවශ්‍ය ප‍්‍රමාණය සපයන බව සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශ කර ඇත.

ලැබුණු තොරතුරක් මත පොලිස් පරීක්‍ෂක කේ.එම්.ජී.එස්.කුලතුංඟ මහතා ඇතුලූ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූහ.

මින්නේරිය පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.