(සුජිත් හේවාජූලිගේ)
ජාතික විගණන පනත සම්මත වීමත් සමඟ මෑතදී බලාත්මක වූ විගණන සේවා කොමිෂන් සභාවේ මුල් පුටු කිහිපයක් පිරවීමට එම කොමිසම තීරණය කර ඇත.
කොමිසමේ අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන ප්‍රධාන තනතුරු පිරවීමට මෙසේ කටයුතු කරන බව කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මෙයට අමතරව කොමිසමට භාෂා පරිවර්තකයන් පිරිසක් බඳවා ගැනීමට ද කටයුතු කරගෙන යන බව එම නිලධාරිය පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 අ (1) යන ව්‍යවස්ථාව අනුව විගණන සේවා කොමිසමේ සභාව පිහිටවනු ලැබීය.