වැසිකිළි වළක තිබී ගිනි අවි -ජීව උණ්ඩ සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                        

පානදුර හඩ්සන් උද්‍යානයේ  වැසිකිළිය පිටුපස  වළ දමා තිබූ  එංගලන්තයේ නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සහ ජීව උණ්ඩ 18 ක්  අද  (14) සොයා ගත් බව වාද්දුව පොලිසිය කියයි .                   

හෙරොයින්  මත්කුඩු මිලිග්‍රෑම්  2700  සමඟ වාද්දුව මැලෑගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය වූ  තොරතුරු අනුව ගිනි අවිය සහ උණ්ඩ  සොයාගත් බව පොලිසිය පවසයි.