වැසිකිලි වළට වැටි දැරියක් මරුට


 ( රොමේෂ් මධුෂංඛ)
                       

වව්නියාව පන්ඩ්‍රකෙයිදකුලම් ප්‍රදේශයේ පිහිටි වැසිකිලි වලකට වැටීමෙන් අවුරුදු 6 ක් වයසැති දැරියක් මිය ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

ඊයේ දින පැවති අධික වර්ෂාවත් සමග මිය ගිය දැරිය ජීවත් වූ නිවසේ වහලය මතට ගස් අතු කිහිපයක් වැටී ඇති අතර මව සහ පියා එම අතු ඉවත් කරන අවස්ථාවේදී වැසි වතුරින් පිරීතිබූ අනාරක්ෂිත වැසිකිලි වලකට මිදුලේ සෙල්ලම්කරමින් සිටි දැරිය වැටී ඇති බවට පොලිස් පරික්ෂණ වලදී අනාවරනය වී ඇත.

වැසිකිලි වලට වැටී දියේ ගිලීමෙන් පසුව ප්‍රදේශවාසීන් එක්ව දැරිය ගොඩට ගෙන වව්නියාව රෝහලට රැ‍ගෙන එන විටද දැරිය මියගොස් ඇති බවට රෝහල ප්‍රකාශකයෙකු කියා සිටියේය.

මෙසේ වැසිකිලිවලට වැටීමෙන් මිය ගොස් ඇත්තේ පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේ පදිංචි 06 හැවිරිදි  සිත්‍යසීලන් සජීවනි නැමති දැරියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි