වැස්සෙන් යාපනයේ පුද්ගලයින් 310 ක් අවතැන්


(රොමේෂ් මධුෂංඛ)


පවතින අධික වර්ෂාව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 85 කට අයත් පුද්ගලයින් 310 ක් පීඩාවන්ට පත්ව ඇති බවට දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

යාපනය කොලොම්බුතුරෙයි ඇතුලු ගම්මාන කිහිපයකට බලපෑ ගංවතුර තත්වයන් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු වලට දැඩි සේ බාධා එල්ල වී ඇත.

මේ අතර වර්ෂාවත් සමඟ කොලොම්බුතුරෙයි ගම්මානයට වැසි ජලය මෙන්ම මුහුදු ජලයද ගම්මානයේ මාර්ග ඇතුලු නිවාස වෙතට ගලා ඒම හේතුවෙන් කොලොම්බුතුරෙයි පවුල් 50 ක පමණ පිරිසක් විපතට පත්ව ඇති බවට ආපදා කලමනාකරන නිලධාරීන් පවසති.

එමෙන්ම ජේ 68 ගම්මානයටද අධික වර්ෂාවත් සමඟ  බලපෑ ගංවතුර තත්වයක් හේතුවෙන් පවුල් 35 ක් පීඩාවන්ට පත්ව ඇති බවටද වාර්තා වෙයි.

මේ අතර අදාල ප්‍රදේශයන්හි විපතට පත් ජනතාව පිළිබඳව සොයා බැලීම හා ඔවුන්ට පහසුකම් සැපයීමට යාපනය ආපදා කළමනාකරණ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.