(ඞී.කේ.රත්න)
වැලිමඩ බස් නැවතුම්පළ භූමියේදී අද (15) කාන්තාවක් ලංගම බස් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි වැලිමඩ පොලීසිය කියයි.
වැලිමඩ වැරැල්ලපතන පදිංචි වයස අවුරුදු 51 හැවිරිදි කාන්තාවක් ලංගම බස් රථයට යටවීමෙන් මෙසේ මියගොස් තිබේ.
හපුතලේ සිට වැලිමඩ දක්වා ධාවනය වන බස් රථයකට යටවීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි වැලිමඩ පොලීසිය කියයි. මියගිය කාන්තාවගේ මෘත දේහය වැලිමඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර වැලිමඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරයි.