(බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ මිරිස්වත්ත වතුයායේ නිවසක් පිටුපස එළවළු වගා කිරීමට පාත්තියක් සැකසීමට ගිය පුද්ගලයකුට අද(24) එම ස්ථානයේ වළ දමා තිබූ ජීව අත් බෝම්බ දෙකක් හමුවී ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.
වතුයායේ රියදුරු නිල නිවාසය පිටුපස එම නිවසේ පදිංචි රියදුරා වන ඩබ්ලිව්.ජෙගනාදන් නමැති අයට මෙම ජීව අත් බෝම්බ දෙක හමුවී ඇත.
ඔහු තවත් තරුණයන් දෙදෙනෙකු සමග පාත්තියක් සකසමින් සිටියදී එම ස්ථානයේ වලලා තිබුණු පොලිතින් කවරයකින් ආවරණය කල පාර්සලයක් හමුවී ඇති අතර, එය පරීක්ෂා කිරීමේදී ප්ලාස්ටික් ටොපි බෝතලයක තිබී අත් බෝම්බ දෙක හමුවී ඇත.
පසුව එම නිවසේ පදිංචි රියදුරා විසින් මිරිස්වත්ත වතු යායේ වතු අධිකාරිවරයා මගින් වැලිපැන්න පොලිසියට දැනුම් දී ඇත.
එම ස්ථානයට පැමිණි වැලිපැන්න පොලිසිය එම අත් බෝම්බ දෙක එස්.එෆ්.ජේ.87 (SFJ87 ) වර්ගයේ ඔලිවර් කොළ වර්ණයෙන් යුත් ජීව අත් බෝම්බ දෙකක් බවට හඳුනා ගෙන ඇත.
පොලිස් රැකවල් යෙදීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නියෝගයක් ලබාගෙන පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් එම බෝම්බ දෙක පුපුරුවා හැරීමට නියමිතව ඇත.
වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.