වැලිගම කොස්තාපල්වරයකුට පිහියෙන් අනී



 
 
ඩී.ජී.සුගතපාල
 
වැලිගම පොලිසියට අනියුක්ත මිදිගම තුර්කි ගම්මානයේ පොලිස් මුරපොලේ සේවය කරනු ලබන කොස්තාපල්වරයකුට පිරිසක් විසින් පිහියෙන් ඇන තුවාල සිදුකර ඇතැයි වැලිගම පොලිසිය පවසයි.


මෙසේ තුවාල ලබා ඇති කොස්තාපල්වරයා මාතර රෝහලට ඇතුළත් කර තිබේ.


තුවාල ලැබු කොස්තාපල්වරයා ඊයේ (27) රාත්‍රී තේ බීම සඳහා පොලිස් මුරපොළ අසල පිහිටි තේ කඩයකට ගොස් ඇති බවත් එම අවස්ථාවේ ඒ අසල ත්‍රී රෝද රථයක සිටි සිව් දෙනෙකු අසභ්‍ය වචන කියමින් කෑ කෝ ගසමින් සිටි නිසා ඔහු එම ස්ථානයට ගියවිට බහින් බස්වී ත්‍රී රෝද රථයේ සිටි අය විසින් පිහියෙන් මෙසේ ඇන ඇති බවත් පොලිසිය පවසයි.


සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා ත්‍රි රෝද රථයෙන්ම පලාගොස් තිබේ.


අත් අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සපුර පදිංචි 21 හැවිරිදි සහ 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.