වැලිකන්දේ මෙහෙණින් වහන්සේලාට වියළි ආහාර බෙදා දෙයි


(නිමල් ජයරත්න)

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන් වහන්සේලා විසින් වැලිකන්ද කොට්ඨාසයේ දුෂ්කර ආරාමවල වැඩ වාසය කරන මෙහෙණින් වහන්සේලා සඳහා අද (23) වියළි ආහාර ද්‍රව්‍ය පූජා කළහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මිල්ලානේ සිරියාලංකාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි හේනානිගල චුල්ලපන්තකාලංකාර හිමියන්ගේ මැදිහත් වීමේන් සෙවනපිටිය සාම විහාරාධිපති සුසිරිගම සංඝරක්ඛිතාලංකාර හිමියන් ප‍්‍රමුඛ ස්වාමීන් වහන්සේලා එම ආරාම වෙත ගොස් වියළි සලාක මෙහෙණින් වහන්සේලා සඳහා පුජා කළහ.

වැලිකන්ද කොට්ඨාසයේ ආරාම පහක වැඩ වාසය කරන වයෝවෘද්ධ මෙහෙණින් වහන්සේලා සඳහා මෙම වියළි සලාක පුජා කෙරිණි.