(රොමේෂ් මධුෂංඛ)
වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමඟ වැලි ජාවාරම්කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.
මුලතිව් අලම්පිල්, උප්පුමාවේලී, මුල්ලිවයික්කාල් ප්‍රදේශයන්හි පසුගිය දින කිහිපය තුළදී නීතිවිරෝධීව මහපරිමාණයෙන් වැලි ගොඩ දමා ඇති අතර එම ඉඩම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයිති වී තිබුණ ද රාත්‍රී කාලයේ වැලි ජාවාරම්කරුවන් පැමිණ මෙම වැලි ගොඩ දමා රැගෙන යන බවට ප්‍රදේශවාසීහු පවසති.
වැලි රැගෙන යාමට බලපත්‍රයක් අනවශ්‍ය වීම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන් වැඩි වශයෙන් මුලතිව්හි රාත්‍රී කාලයේ දී වැලි ගොඩ දැමීම සිදු කරන අතර මේ වන විටත් සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් රැසක් වැලි ජාවාරම්කරුවන් විසින් වැලි කපා රැගෙන ගොස් ඇති බවට ඔවුහු පවසති.
තම ඉඩම්වලින් රහසිගතව මෙලෙස වැලි රැගෙන යාම හේතුවෙන් තම ඉඩම් වර්ෂාවත් සමඟ ගිලා බැසීමේ අවදානමකට ලක්වන බැවින් වහාම වැලි ගොඩදැමීම නැවත්වීමට බලධාරීන් පියවර ගන්නා ලෙසට ද මුලතිව් වැසියන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.



