(ඩී.කේ.රත්න)
වැල්ලවාය දෙහිලන්ද කඳුවැටියේ අද (13) සවස ඇති වූ ගින්නකින් අක්කර 20 ක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මේ වන විටත් ගින්න පැතිරයමින් පවතින බව වැල්ලවාය පොලිසිය පැවසීය.
දෙහිලන්ද කඳුවැටියේ බෑවුම් සහිත ප්‍රදේශයක මෙම ගින්න හටගෙන තිබෙන අතර ප්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුණික තත්වය හේතුවෙන් මෙම ගින්න සීඝ්‍රයෙන් පැතිර යන බව පොලිසිය කියයි.
ගින්න නිවා දැමීම සඳහා වැල්ලවාය වරුණගම යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේද සහයෝගය ඉල්ලා ඇති බව පොලිසිය පැවසීය.