(රංජිත් රාජපක්ෂ)
දුරුතු පෙහෝදා වැඩි මිලට රජයේ අනුමත මත්පැන් අලෙවි කළ පුද්ගලයකු අද (10) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි.
සැකකරු තලවාකැලේ නගරයේ වෙළඳසැළක් තුළ ඉතා සුක්ෂම ලෙස වතු කම්කරුවන්ට වැඩි මිලට මත්පැන් බෝතල් අලෙවි කර ඇති බව පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්කයේ තිබි මිලිලීටර් 750 මත්පැන් බෝතල් පහක් සහ මිලිලීටර් 225 මත්පැන් බෝතල් 43 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු සහ නඩු භාණ්ඩ නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

