(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙස පාලකයින්ට බල කරමින් අද (01) පෙරවරු 09.00 ට පමණ නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් නිරත වූහ.
මෙම උද්ඝෝෂණය ජාතික කම්කරු සංගමය මගින් සංවිධානය කර තිබුණි.
මෙහිදී උද්ඝෝෂණයට එක්ව සිටි කම්කරුවන් කියා සිටියේ, තම දෛනික වැටුප අවම වශයෙන් රුපියල් 1000/ දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා සිටින බවය.
මෙම අවස්ථාවට මස්කෙළිය වැවිලි සමාගමට අයත් මරේ තේ වතුයායේ කම්කරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන් පැයක පමණ කාලයක් උද්ඝෝෂණය කිරීමෙන් අනතුරුව වතු සමාගම දැනුම්වත් කිරීම සඳහා මරේ තේ වතුයායේ පාලනාධිකාරිය වෙත ලිපියක් භාර දීමෙන් පසුව දෛනික සේවා කටයුතු සඳහා පිටව ගියහ.