(කේ බුද්ධික කුමාරසිරි )
කොට්ටාව නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක සේවයට පැමිණ පුද්ගලයෙකුට ලබා දීමට පොරොන්දු වූ මාසික වැටුප නිසායාකාරව ලබා නොදීම හේතුවෙන් එම ආයතනයේ තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුත් ජේ සී බී යන්ත‍්‍රයක් සොරා ගෙන ගිය පුද්ගලයෙකු මාතර අකුරැස්ස ප‍්‍රදේශයේදී අදාල යන්ත‍්‍රය ද සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
ජේසීබී යන්ත‍්‍ර රියදුරන් බඳවා ගැනීම සඳහා පුවත්පතක පළ කරන ලද දැන්වීමකට අනුව කොට්ටාව නගරයේ පිහිටි සුප‍්‍රසිද්ධ ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයකට මෙම සැකකරු සේවය සදහා පැමිණ ඇති අතර එහිදී ආයතනයේ ප‍්‍රධානීන් සැකකරුට මාසිකව රුපියල් 45000?- ක මුදලක් ලබා දීමට එකග උවත් ඒ වෙනුවට රුපියල් 20000/- මාසික වේතනයක් ලබා දීම හේතුවෙන් සැකකරු විසින් එම වෙළඳ ආයතනය අයත් ජේසීබී යන්ත‍්‍රය සොරා ගෙන කොට්ටාව සිට ලොරි රථයකින් ජේසීබී යන්ත‍්‍රය අකුරැස්ස ප‍්‍රදේශයට රැගෙන ගොස් තිබූ බව ද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකරු හිටපු යුධ හමුදා සෙබළුකු වන මාතර අකුරැුස්ස ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන බවත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි
කොට්ටාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.