වැටලීම් දෙකකින් 10 දෙනෙක් අත්අඩංගුවට


බිමල් ෂ්‍යාමන් ජයසිංහ 

හොරෙයින්  මත්කුඩු පානය කරමින්  හා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු අද (29) උදේ  පිළියන්දල  කහපොල සහ විශ්ව  කලා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබී හොරෙයින්  මත්කුඩු මිලි ග්‍රෑම්  120  අඩු ප්‍රමාණයක් මුදලින් රුපියල් 2900 ක් සහ බූරු කුට්ටම  පොලිසිය මඟින් සොයාගෙන ඇත.

 කහපොල  ප්‍රදේශයේ  නිවසක් තුළ පිරිසක් මත්කුඩු  පානය කරන  බවට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පුද්ගලයන් 6 දෙනෙක් ද විශ්ව කලා ප්‍රදේශයේ නිවස වටලා පුද්ගලයන් 4 දෙනෙක්ද  අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිනිලධාරීයෙක් පැවසීය .

අත්අඩංගුවට ගත්  සැකකරුවන් එම ප්‍රදේශයේ පදිංචි  කරුවන් බව   පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් කැස්බෑව  අධිකරණයට  ඉදිරිපත්  කර නිරෝධනය සදහා යොමු කරන ලෙස ඉල්ලා සිටින බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි .