වැටලීමකට ගිය විශේෂ කාර්ය බලකා සෙබළා ගැටුමකට මැදි වී රෝහලේ


( සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල ඕවත්ත ප‍්‍රදේශයේ කසිප්පු තිප්පොලකදි  විශේෂ කාර්ය බලකාය සහ කසිප්පු සැකකරු අතර සිදු වු ගැටුමකින් විශේෂ කාර්ය බලකා සෙබළා සහ කසිප්පු තිප්පොල අයිතිකරු  මේ වන මාවනැල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලිසිය පවසයි.


මෙලෙස රෝහල් ගත කර ඇත්තේ රඹුක්කන නාරංගම්මන විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවය කරන සේරුනුවර පදිංචි  සෙබළකු වන අතර කසිප්පු තිප්පොලෙහි හිමිකරුය.


‍මාවනැල්ල පොලිස් බල ප‍්‍රදේශයට අයත් ඕවත්ත ප‍්‍රදේශයේ කාලයක සිට සිදු කර ගෙන යන කසිප්පු තිප්පොලක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. 


එහිදි නිවස ආසන්නයේ තිබු කසිප්පු තිප්පොලට යන අවස්ථාවේ සැකකරු කසිප්පු සමඟ ඇති වු බහින්බස්වීම දුරදිග ගොස් ගැටුම හට ගෙන තිබේ.


කෙසේ වෙතත් මෙහි ගෝඩා මෙන්ම කසිප්පු විශාල ප‍්‍රමාණයක් තිබි ඇති අතර ඒවා මෙ වන තෙක් ගණනය කර නොමැති බවත් අදාල සැකකරුගේ නළල ප‍්‍රදේශයට සුළු හානි සිදු වි ඇති බවද පවසයි. 


සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකාය හා මාවනැල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි. සැකකරුගේ බිරිද පසුගිය පළාත් පාලන මැතිවරණයට ප‍්‍රධාන පක්ෂයකින් මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවට තරග කරන ලද අපෙක්ෂිකාවක් වන බවද කියයි.